“ඔහු දැන් තීරණයක් ගත යුතුය. ඇගේ දෑස් වැසී ඇත. දෙතොලතරින් ඈ හුස්ම ගත්තේ මහත් ආයාසයෙනි. ඇඟ පොරවා තිබූ රෙද්ද වේගයෙන් ඉහළ පහළ ගියේය. ඒ අතරින් ජිවත් වීමේ ආයාසය, ඝෝෂාකාරී ඒ ආයාසය ඕනෑවටත් වඩා පෙනෙන්නට විය. ඈ සිටියේ ජීවිතය අල්ලා ගන්නට අරගල කරමිනි. ඒ අතර ඇගේ එළිය නිවී යමින් තිබිණි. අලුයම වන විට එය මුළුමනින්ම නිවී […]
Category: lib
“මානව සංහතියේනෙක නෙක කිලිටි කෙලෙසුන්ස්වකීය දෑත් වලින්සුදෝ -සුදට පවිත්‍ර කර දීහිස් දෑත් බදාගෙනහිතේ මොනවදෝ හිර කරගෙනනිහඬවම මිය පරලොව ගියඒ උසස් මිනිස් වර්ගයාටභක්ත්යාදරයෙන් කෙරෙනඋත්තමාචාරයමෙසේ සලකුණු වන්නේය …….. මේ මහින්ද මස්ඉඹුල සිය සෙන්කොට්ටන් නවකතාව පුදදුන් ආකාරයයි .මේ නව කතාව ඇත්තටම එක හුස්මට ,කියවිය හැකි පොතක් .එසේම බොළඳ ප්‍රේම කතාවලින් ,හරසුන් නවකතා වලින් බැහැරව සැබෑ මිනිස් ගුණයෙන් යුතු
මිනිස් සංවේදනාවන් හසු කරගත් මේ අපූරු පොත කියවන්න, සංවේදී හදක උරුමකාරියක් වන්නRead More »
රන් අවේ බියඩ්, දුවන රැවුල කියල නම්කරල තියෙන මේ කතාව හරිම ලස්සන එකක්, දක්ෂ චිත්‍ර ශිල්පිනියක් සහ ලේඛිකාවක් වන සිබිල් වෙත්තසිංහ තමා මෙහි නිර්මාණ ශිල්පිණිය. දෙමාපියන්ටත් දරුවන්ටත් එක ලෙස රස විඳිය හැකි කතාවක් ,කතාවට ගැලපෙන අර්ථවත් සහ නිර්මාණශීලි බැවින් යුතු චිත්‍ර මේ කතාව තවත් අලංකාර කරනවා ,සමහරවිට මේ පොත දැනටමත් ඔයා ළඟ තියෙන්නත් පුළුවන් .සිංහල ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම මේ පොත ගන්න
කතන්දරයක් අහන්න හැමෝම වාඩිවෙන්න… ගිය සතියේ අපි පොරොන්දු වුණා අලුත් පොතක් අරන් එනවා කියලා,ඒ වගේම අපි තවත් සැලකිලිමත් වෙන්න ඕනෑ දෙයක් තම අප තෝරාගන්න පොත අපේ දරුවාගේ කියවීම් මට්ටමට ගැලපෙනවද කියන එක ,නැත්තම් වෙන්නේ එයාට කතන්දරයි පොත් කියවිල්ලයි ඔක්කොම එපා වෙන එක විතරයි ,අපි ඒ ගැනත් ටිකක් දැනුවත් වෙලා ඉමු ,එහෙම නේද ? සාමාන්‍යයෙන් අපි දන්නවා දරුවන් අකුරු කියවිය
‘‘සීයා නටනවා අමුතුම නැටුමක්’’ – ශ්‍රී ලාංකේය ළමා කතා ක්ෂේත්රයේ නවමු නැමියාවක්….ග්‍රන්ථය : සීයා නටනවා අමුතුම නැටුමක්ශානරය : ළමා කතාකර්තෘ : චම්මි ඉරේෂාචිත්ර : වනමලීප්රකාශනය : කර්තෘ ප්රකාශනයකි.හැඳින්වීම‘‘ළමා කතාවක් කීමේදී සරල භාෂාවක් නොව අලංකාර භාෂාවක් භාවිත කළ යුතුය’’ යන තැන් සිට මෙය අරඹමි. මන්ද යත් හොඳ පාඨකයකු බිහිවීමේ පළමු පියවර ළමා කාලයේ අප ඇසූ, කියැවූ
නිදාගන්නකොට කෑම කවනකොට, සමහරවිට වාහනයේ යනකොට, මේ කිව්ව නොකිව්ව හැම අවස්ථාවකදීම අපේ පුංචි පැටව් ටික ටික වෙලාවකට හරි රඳවාගන්න පුළුවන් මැජික් එකක් තමා කතාන්දර කියල දෙන එක, මම ඒක අමුතුවෙන් කියලා දෙන්න ඕනා නෑ. ඉතින් ගෙදර කතන්දර පැයට හරි ඉහත අවස්ථාවකදී හරි අපේ පුංචි පැටවුන්ට ගැලපෙන ලස්සන කතාවක් මට ලැබුනා, ඔයාලත් එක්ක ඒක බෙදා හදා ගන්නයි මේ සුදානම.







